Thursday, September 20, 2012

ආරක්ෂාවට ගන්න එව්වා එකක්......


ඕන්න එළකිරියේ ශාරුක් ඛාන් වගේ කොළු පැට්ටෙක් හිටියලු.මිනිහා දවසක් හදිසියේ ඔසුහලකට ඒ කිව්වේ ෆාමසියකට කඩා වැදිලා අර “ආරක්ෂාවට ” ගන්න එව්වා එකක් ඉල්ලුවලු.ෆාමසියෙ හිටපු මැදි වයසෙ මහත්තයත් එව්වයෙ ප්‍රමාණ ,මිල ගණන් ගැන කොළුවා දැනුවත් කරලා 3ක් 6ක් 12ක් ආදී වශයෙන් තියෙන එව්වයින් උවමනා කොහොම එකක්ද කියලා අන්තිමට ඇහුවලු.කොල්ලා ආඩම්බරෙන් මෙහෙම කියනවලු.

“අංකල් දන්නේ නැ නෙ.අද මම යාළු වෙලා ඉන්න ගැණු ළමයගෙ පේරන්ට්ස්ලව මුන ගැහෙන්න යනවනෙ.ඊට පස්සෙ අපි දෙන්නා විතරක් ඩිනර් අවුට් එකකට යන්න ඉන්නෙ.ඒ වෙලාවට ඉතින් මොනවා වෙයිද කව්ද දන්නෙ? නේද….?”

ඔහොම කියලා හොඳම එව්වයින් උවමනා ප්‍රමාණෙට අරගෙන කොළුවා යන්න ගියාලු.

රැ අටට විතර තමන්ගෙ පෙම්බරීගෙ ගෙදරට ළඟාවෙලා දෙමව්පියන් එක්ක කතා එහෙම කරපු වෙලාවෙ ඉඳන් අපේ චන්ඩියා හිටු කියලා යාඥාවලු.දැන් ගැණු ළමයටත් මාර ප්‍රශ්ණෙ.කේන්තිත් එක්ක.මූට ඩිනර් අවුට් එක ගැන වගක්වත් නැ.කෙල්ල කොල්ලගෙ උරිස්සෙන් හොල්ලලා හොල්ලලා මෙහෙම ඇහුවළු.

“මොකක්ද අනේ මේ කෝලම ! ඔයා මට කවදාවත් කියලා නැ නෙ ඔයාට මේ තරම් ආගමික භක්තියක් තියෙනවා කියලා…..”

ඒ පාර කොල්ලා කෙල්ලගේ ඇඟට කඩා පැනලා මෙහෙම කියපි!

“හෙහ්! භක්තිය!භක්තිය තමා!
.
.
.
.
.
.
.
.
ඔයා මට කවදාවත් කියලා තියෙනවද ඔයාගෙ තාත්තා ෆාමසිස්ට් කෙනෙක් කියලා....

No comments:

Post a Comment